Raa Ahase Tharu Kata Song Lyrics - රෑ අහසේ තරු කැට ගීතයේ පද පෙළ

Raa Ahase Tharu Kata Song Lyrics - රෑ අහසේ තරු කැට ගීතයේ පද පෙළ
Song Title : Raa Ahase Tharu Kata (රෑ අහසේ තරු කැට)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනියේ සිතුවිලි සයුරේ දිලුනා

තරු එළියක් නිල්දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබේ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා ..

රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනියේ සිතුවිලි සයුරේ දිලුනා

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැදී ගිලෙනවා
සිතට දැනෙනවා

රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනියේ සිතුවිලි සයුරේ දිලුනා
ලා …..ලා…..ලා ලා ….
ලා ……….ලා……..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment