Premaye Rudu Wedana Song Lyrics - ප්‍රේමයේ රුදු වේදනා ගීතයේ පද පෙළ

Premaye Rudu Wedana Song Lyrics - ප්‍රේමයේ රුදු වේදනා ගීතයේ පද පෙළ
Song Title : Premaye Rudu Wedana (ප්‍රේමයේ රුදු වේදනා)
Singing : Bandara Athauda (බන්ඩාර අතාවුද මහත්මා)
Lyrics : කුමාරදාස සපුතන්ත්‍රී
Music : ආචාර්ය රෝහණ වීරසිංහ

ප්‍රේමයේ රුදු වේදනා
ගින්නේ දැවී මියෙනා පැයේ
මා හෙළූ කඳුළක් ලෙසින් ඔබ ඇයි මගෙන් වෙන්වී ගියේ
වෙන්වී ගියේ

ප්‍රාර්ථනා පුබුදා පුදා
හද මන්දිරේ ස්නේහේ නොහිම්
වදනින් නෙතින් සුවඳින් මැකී
ඔබ වෙන්වෙලා අද මා වෙතින්

ප්‍රේමයේ රුදු වේදනා
ගින්නේ දැවී මියෙනා පැයේ
මා හෙළූ කඳුළක් ලෙසින් ඔබ ඇයි මගෙන් වෙන්වී ගියේ
වෙන්වී ගියේ

පායනා හිරු සේ ඔබේ
පෙම් ලෝකයේ රැඳුණේ මමයි
ගෙවෙනා සඳේ සුසුමේ රැඳී
අද මා සිතින් මිදුණේ ඔබයි

ප්‍රේමයේ රුදු වේදනා
ගින්නේ දැවී මියෙනා පැයේ
මා හෙළූ කඳුළක් ලෙසින් ඔබ ඇයි මගෙන් වෙන්වී ගියේ
වෙන්වී ගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment