Nube Asata Ena Song Lyrics - නුඹේ ඇසට එන ගීතයේ පද පෙළ

Nube Asata Ena Song Lyrics - නුඹේ ඇසට එන ගීතයේ පද පෙළ
Song Title : Nube Asata Ena (නුඹේ ඇසට එන)
Singing : Bandara Athauda (බන්ඩාර අතාවුද මහත්මා) සහ Neela Wikramasinghe (නීලා වික්‍රමසිංහ මහත්මිය)
Lyrics : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
Music : Neela Wikramasinghe (නීලා වික්‍රමසිංහ මහත්මිය)


නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා
නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා

සොඳුරු හිතේ දුක කඳුළු ඇසේ දැක
මම හෙළුවා නුඹෙ හිතට හොරා

කිඳුරු මතක විල කඳුළු තනිව බී
මම හැඬුවා ඔබෙ නෙතට හොරා
හැඬුවා ඔබෙ නෙතට හොරා

නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා
නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා

ඔබේ හදේ රැඳි අඳුරු කල්පනා
මම වැසුවා මල් පොකුරු නෙළා

ඒ සෙනෙහස රැඳි මහරු සුවඳ සිත
මට පිහිටයි දෙවොලකට වඩා
පිහිටයි දෙවොලකට වඩා

නුඹේ ඇසට එන කඳුළ මම ම ගෙන
මම අම්මා විය නුඹට එදා
නුඹේ සිතට එන සිතුම් මම ම ගෙන
මම අම්මා විය නුඹට මෙදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment