Naya Ginuma Song Lyrics -‎ ණය ගිණුම ගීතයේ පද පෙළ

Naya Ginuma Song Lyrics -‎ ණය ගිණුම ගීතයේ පද පෙළ
Song Title : Naya Ginuma(ණය ගිණුම)
Lyrics : Thushara Disanayaka


කලකිරුණු ජීවිත තෙම දිනක්
ඉරණම් බැංකුවට ගොස්
අයදුම්පතක් පිරවීය
සදහටම වසා දමන්නට
අක්‍රීයව තිබුණු කරුම ගිණුම.

හැඟීම් වියුක්තවම මැනේජර
පැවසීය ජීවිත තෙමට,
පියවිය යුතු බව ණය ගිණුම
හැකි ඉක්මනින්ම
පොලිය හා දඩයද සමඟ

වික්ෂිප්තව ජීවිත තෙම
රැගෙන ගිණුම් විස්තරය
ආරෝහණවත් අවරෝහනවත්
පෙළගැස්වීය මතක අනුපිලිවෙල
නොගත් ණයට හේතුව සොයා

ශේෂය ශුන්‍ය වුනු උපතින් ගෙනා
කරුම ගිණුම
වැල් පොලී ක්‍රමයට පිරී තිබුණි
නන්නාඳුනන උන් ගත්
ණය වලින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment