Kadu Pamula Sita Dahanata Song Lyrics - කඳු පාමුල සිට දැහැනට ගීතයේ පද පෙළ

Kadu Pamula Sita Dahanata Song Lyrics - කඳු පාමුල සිට දැහැනට ගීතයේ පද පෙළ
Song Title : Kadu Pamula Sita Dahanata (කඳු පාමුල සිට දැහැනට)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යනතුරු අවර වන පතේ
ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

ඇල ඳොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment