රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera)

රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera) - Your Choice Way
අද අපි කතා කරන්නේ  ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා ඇති පුරාණ දාගැබක් ගැනයි.ඒ නමින් යටාල වෙහෙරයි.

මෙය  මහානාග යුවරජු විසින් කරවන ලද්දක් බව සදහන් වේ..

මේ වෙහෙර නිර්මාණය වීමේ පසුබිම් ජනප්‍රවාදය වන්නේ..

මහානාග රජතුමාගෙ අග බිසවට මේ ස්ථානයේ දී පුත් කුමරෙකු ඉපදුනු අතර , එම සිදුවීම සිහිපත් කරන්නටයි මෙය ඉදි කර ඇත්තේ..

ස්වකීය පුත් කුමරා යටාල තිස්ස ලෙසින් නම් කළ මහා නාග රජතුමා, මෙම දාගැබ යටාල චෛත්‍යය නමින් හැඳින්වූව අතර ප්‍රථම සිංහල රහතන් වහන්සේ වූ ත්‍රිපිඨකාරිට්ට මහ තෙරුණ් වහන්සේට මෙය පූජා කළා..

මේ සම්බන්ධයෙන් මහාවංශයේ 22 වෙනි පරිච්‌ජේදයේ තොරතුරු සදහන් වෙනවා..

යටාල චෛත්‍යය පිහිටලා තියෙන්නෙ තිස්ස - කතරගම පාර අයිනෙමයි..

අනුරාධ පුර රාජධානිය තරමටම පැරණි රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය යටාල දාගැබ බව සඳහන් වෙනවා..

1980 ගණන් වලදී ප්‍රතිසංස්කරණය කරණු ලැබූ යටාල චෛත්‍යය දැනට දිස් වන්නේ මේ ආකාරයටයි.

ඒ වටේට තියෙන ඇත්පවුර ලංකාවේ ඇති පැරණිතම ඇත්පවුර ලෙසින් සලකන්න පුළුවන්...

චෛත්‍ය මළුව වට වෙලා තියෙන්නෙ දිය අගලකින්..

ඒ අවට හරිම ලස්සනයි..දාගැබ් භූමිය පුරාම දකින්න ලැබෙන ගල් කණු එතෙනට ගෙන එනු ලැබ ඇත්තේ රාජකීය හස්තීන් මගින්..

මෙහි පසෙකින් වෙන්නට විහාර ගෙයක් / පිළිම ගෙයක්, භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා තැනුන ලැගුම් ගෙයක නටබුන් තවමත් ශේෂව පවතිනවා...

ඔබත් මෙහි ගිහින් සිත් පහන් කරගන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera) - Your Choice Way

රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera) - Your Choice Way

රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera) - Your Choice Way

රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera) - Your Choice Way

රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera) - Your Choice Way

රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera) - Your Choice Way

රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera) - Your Choice Way

රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera) - Your Choice Way

රුහුණු රාජධානියේ ඉදිවූ ප්‍රථම ස්තූපය - යටාල වෙහෙර ☸️🙏🌿 (Yatala Dalada Wehera) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment