Wahi Daa Sithiwili Dahana Song Lyrics - වැහි දා සිතිවිලි දැහැන ගීතයේ පද පෙළ

Wahi Daa Sithiwili Dahana Song Lyrics - වැහි දා සිතිවිලි දැහැන ගීතයේ පද පෙළ
Song Title : Wahi Daa Sithiwili Dahana (වැහි දා සිතිවිලි දැහැන)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

දවසේ රාජකාරිය නිම වී ඇත්තේ
රෑ බෝවීගෙනයි එන්නේ හැම පැත්තේ
කොලඹ අහස යට කලුවර වීඇත්තේ
වැහි මන්දාරමක් ලහි ලහියේ ඇද්දේ

ඉක්මන් ගමනකිනි පාරේ ඇවිද්දේ
වැස්සට කලින් බසයට මා ගොඩවැද්දේ
කොටුවෙන් බහිද්දි ගෙරවිලි මහ සද්දේ
සමගින් වැස්ස ඇදහැලුනේ මහ සද්දේ

ගොඩ වූයේ අවන්හලට වහිද්දි
පායන වෙලාවක් සිහියට නොඑද්දි
උනුසුම් කෝපි රසයට මුව නැවෙද්දි
සිත පාවෙලා සිතුවිලි හා මුසු වෙද්දී

වැහි සීතලේ උනුසුම් වූ අවන්හලේ
සිතුවිලි වලට ඉඩදී සිත නිදැල්ලේ
සැරිසරනා කල දෑසත් නිදැල්ලේ
බලා හිදී ඈතක් දෙස නිදැල්ලේ

කෝපි රසය ගත උනුසුම් කරලන්නේ
සිතිවිලි දැහැන සිත පා කරමින් උන්නේ
වැස්ස ඇදහැලෙයි නැත නිම කරන්නේ
නිවසට යන්න කාලය දැන් එලඹෙන්නේ

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment