Seetha Maruthe Welemin Song Lyrics - සීත මාරුතේ වෙලෙමින් ගීතයේ පද පෙළ

Seetha Maruthe Welemin Song Lyrics - සීත මාරුතේ වෙලෙමින් ගීතයේ පද පෙළ
Song Title : Seetha Maruthe Welemin (සීත මාරුතේ වෙලෙමින්)
Singing : Ruwan Hettiarachchi (රුවන් හෙට්ටිආරච්චි මහත්මා)

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟි පානා
රෑ තුන්යම ඔය ඇස් මානා මා මුසපත් කරනා //
ආදරයේ මිහිරෙන් මා නිවුනේ
ඒ ඇසුරේ අළුතෙන් මා ඉපිදේ

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment