Oba Ma Hamuwuna Me Ira Hada Song Lyrics - ඔබ මා හමුවුන මේ ඉර හඳ ගීතයේ පද පෙළ

Oba Ma Hamuwuna Me Ira Hada Song Lyrics - ඔබ මා හමුවුන මේ ඉර හඳ ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Hamuwuna Me Ira Hada (ඔබ මා හමුවුන මේ ඉර හඳ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : විශාරද ගුණදාස කපුගේ

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී //

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පර වූ පෙම් මල //
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

කඳුළ සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කළ හැටි //
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Imesh Sandula (ඉමේෂ් සංදුල)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment