Koththamalli Song Lyrics - කොත්තමල්ලී ගීතයේ පද පෙළ

Koththamalli Song Lyrics - කොත්තමල්ලී ගීතයේ පද පෙළ
Song Title : Koththamalli (කොත්තමල්ලී)
Vocals  - Gypsies
Music - Sunil Perera & Piyal Perera
Lyrics - Chandradasa Fernando

අනං මනං බෙහෙත් වලට
ඇයි ගෙවන්නේ සල්ලි (ලොකු සල්ලි)
ඕන ලෙඩක් හොඳ වෙනවා
බොන්න කොත්තමල්ලී (කොත්තමල්ලී)
රුමේනියාවෙළු තියෙන්නේ
හොඳම කොත්තමල්ලී
ලංකාවට ගෙන්නන්නේ
අපේ අමල් මල්ලී
ලංකාවට ගෙන්නන්නේ
අපේ අමල් මල්ලී

බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි
බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි
බොන්න නංගි මල්ලි
සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට
ඔබට පිහිට වෙන්නේ
කොත්තමල්ලී

අපේ පුංචිකාලේ
පොඩි උණක් හැදුණ වේලේ
මට මතක් වෙනවා අම්මා
කොත්තමල්ලි පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම
අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී

තරුණ වෙන්න සමහර අය
විටමින් පෙති බොතී (විටමින් බොතී)
එක්සසයිස් කරලා කරලා
සමහරුන්ට හතී (අනේ හතී)
ඔය අරවා මේවා මොකුත් නොකර
කොල්ලා වගේ ඉන්නේ
මම තාමත් උදේ හවා
කොත්තමල්ලී බොන්නේ
පනහා පැනලා උනත් එයා
ෆිට් එකේම ඉන්නේ

බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි
බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි
බොන්න නංගි මල්ලි
සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට
ඔබට පිහිට වෙන්නේ
කොත්තමල්ලී

අපේ පුංචිකාලේ
පොඩි උණක් හැදුණ වේලේ
මට මතක් වෙනවා අම්මා
කොත්තමල්ලි පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම
අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී

බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි
බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි
බොන්න නංගි මල්ලි
සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට
ඔබට පිහිට වෙන්නේ
කොත්තමල්ලී

අපේ පුංචිකාලේ
පොඩි උණක් හැදුණ වේලේ
මට මතක් වෙනවා අම්මා
කොත්තමල්ලි පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම
අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී

බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි
ඕන නැහැ සෝඩා සැන්ඩි
නීට් බොමු කොත්තමල්ලි
අයිස් කැට එපා මල්ලි
උණු උණුවෙම බොන්න මල්ලි
බිව්වට කොත්තමල්ලි
ඩෝප් වෙන්නෑනේ මල්ලි

අපට හැදුන හැම ලෙඩටම
අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී

මතට තිත.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment