Kaulu Piyanpath Wahanna Song Lyrics - කවුළු පියන්පත් වහන්න ගීතයේ පද පෙළ

Kaulu Piyanpath Wahanna Song Lyrics - කවුළු පියන්පත් වහන්න ගීතයේ පද පෙළ
Song Title : Kaulu Piyanpath Wahanna (කවුළු පියන්පත් වහන්න)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)

කවුළු පියන්පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ //

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි
සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි

කවුළු පියන්පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ //

කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරණ තරු කැළුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සඳළු තලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ

කවුළු පියන්පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment