Kelesaka Keewath Song Lyrics - කෙලෙසක කීවත් ගීතයේ පද පෙළ

Kelesaka Keewath Song Lyrics - කෙලෙසක කීවත් ගීතයේ පද පෙළ
Song Title : Kelesaka Keewath (කෙලෙසක කීවත්)
ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගී පද : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

යාදිනියක සේ මා ලඟ දැවටී
සෙනෙහස පැතු එදිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
මට අමතකව නැතේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

අසන හැම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
මා ගොලු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment