සමනල අඩවියෙන් පෝෂණය වන - කටුගස් ඇල්ල 💐🦋🌱 (Katugas Ella)

සමනල අඩවියෙන් පෝෂණය වන - කටුගස් ඇල්ල 💐🦋🌱 (Katugas Ella) - Your Choice Way
අද අපි කතා කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොස්පැලවින්න ග්‍රමයේ සාඩම්බර ලීලාවෙන් කඩාහැලෙන කටුගස් ඇල්ල ගැනයි...

උස මීටර 6ක් උනාට ඇල්ලේ අලංකාරය නම් කියා නිමකල නොහැක..

මේ අපූරු දිය ඇල්ල පෝෂණය කරන්නේ ශ්‍රී පාද අඩවියේ ජල පෝෂක උල්පත් වලින්.

දිය ඇල්ල ලඟට යන එක නම් ලේසි නෑ. මොකද දිය ඇල්ල කොටස් දෙකක් තියෙනවා.. මුලින්ම මීටරයක් විතර උස පහල කොටස තමා හම්බෙන්නේ..

ගොඩක් අය හිතන්නේ ඒක තමයි අවසන කියල. නමුත් එතැනින් ගල් උඩින් පැන පැන යන ගමන ලේසි නොවුනත් ගමන අවසානයේ මීටර 6ක් උස කටුගස් ඇල්ලට ලඟාවෙන්න පුළුවන්. 

වර්ශාව අඩු කාලයේදී පහසු ගමනක් වුනත් වර්ශාව අධික කාලයේදී නම් දිය ඇල්ල ලඟට යනවා කියන්නේ ජීවිතය මරණය අතර සටනක්. 

මොකද ඒ අවට දිය වලවල් තියෙනවා..නොදන්න අය නම් වර්ශාව කාලේ අවධානමක් ගන්න හිතන්නවත් එපා..

තැනින් තැන තියෙන ස්වභාවික පොකුණු වල නාන්න වුනත් පුළුවන්. 

දිය ඇල්ල පාමුලත් ලස්සන ස්වභාවික පොකුණක් තියෙනවා. ඒකත් නාන්න පුළුවන් තැනක්.

හැබැයි වැසි කාලේ නම් භයානකයි හොදේ.රත්නපුර ඉඳන් වෙරලුප හංදියෙන් හැරිල කිලෝමීටර 2.5 විතර යන්න ඕන. 

එතැන තියෙන පොඩි පාලම ගාවින් යන වාහන නම් නවත්තන්න වෙනවා. එතැන ඉඳන් මීටර 100ක් විතර ගුරු පාරක් දිගේ ඇතුලට යන්න ඕන. 

එතකොට තමා මේ සුන්දර දිය කොමලි හම්බෙන්නේ.මේ සුන්දරත්වය විඳින්න හැබැයි විනාස කරන්නේ නැතිව එන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි
සමනල අඩවියෙන් පෝෂණය වන - කටුගස් ඇල්ල💐🦋🌱 (Katugas Ella) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment