Kadula Saradam Karayi Song Lyrics - කදුළ සරදම් කරයි ගීතයේ පද පෙළ

Kadula Saradam Karayi Song Lyrics - කදුළ සරදම් කරයි ගීතයේ පද පෙළ
Song Title : Kadula Saradam Karayi (කදුළ සරදම් කරයි)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

කදුළ සරදම් කරයි හැමවිට
නුඹව සිහිකර හැමවෙලේ
මුහුණ රතු වී කදුළු වැගිරෙයි
සොදුර නුඹ දුන් ප්‍රේමයද මේ

ඉවසා නොයෙක් දුක් ගිනි මා හද මඩලේ
තනියම විදදරා ගතිමි ඒ දුක් ගිනි සතොසේ
මමයි තදකර හිතට දුන්නෙ ප්‍රාර්ථනා පොදි  ප්‍රේමයේ 
චෝදනා නොකරමි මමයි වැරදිකරු ප්‍රේමයේ

හිතට දී ප්‍රාර්ථනා පොදි ප්‍රේමයේ
කරගත්ත අපායක් මම මගේ ජීවිතේ 
දැන් ඉතින් වැළපෙමි කරගත්තු කරුමේ තමයි
මම ඉතින් විදවමි ජීවිතේ පුරාවට

ජීවිතේ විදෙව්වත් මම සසර පුරාවට
ආදරේ අඩුවක් කරන්නේ නම් නෑ ඉතින් 
නුඹ මගේ පන වගේ රැකගමි සිතේ හැමවෙලේ
නුඹට දුන් ආදරය නොදෙමි තව තව එකෙකු හට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment