Gewana Thathparayak Pasa Song Lyrics - ගෙවන තත්පරක් පාසා ගීතයේ පද පෙළ

Gewana Thathparayak Pasa Song Lyrics - ගෙවන තත්පරක් පාසා ගීතයේ පද පෙළ
Song Title : Gewana Thathparayak Pasa (ගෙවන තත්පරක් පාසා)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

ගෙවන තත්පරක් පාසා
නුඹේ රුව මහද මැවීලා
කවටකමින් සිතත් සරදම් කරනවා
නුඹ දුන් ආලයට මා පෙම් කෙරූ නිසා

සිත් දෑලේ නුඹ හැංගී දැන් කී දවසක් වෙනවාදෝ
ගෙවූ ගෙවූ හැම මොහොතේ මා ඔබ කෙතරම් සෙව්වාදෝ
ඇස්මානේ නොමැති වුවද සිත් මානේ නුඹ සැමදා එලෙසම සිටියාදෝ
ගෙවන ගෙවන හැම කල්හිම මා හට ආලය දුන්නාදෝ

හැංගුනා ඇති දැන් මටත් හරිම මහන්සියි
ඇයි නුඹ හැංගුනේ මේ දෙඇස් මානයෙන්
එහෙත් තවමත් පෙම් කරමි මන් දුන් ආලයට ගෞරවයෙන්
නුඹ සැගවුනද සිත් මානේ නුඹ සැගවී නැති බව කොදුරමින්
හැමවෙලේ සිතත් මගෙ කියාදෙයි

වැරදි අඩුපාඩු ඇති නොයෙකුත්
හදාගමු දෙදෙනාම ඉත සිතින්
ගෙවා යමු ජීවිතය මිහිරෙන්
එක්ව ගොඩනැගෙමු දිවිතුරා ආදරෙන් 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment