Idorayak Song Lyrics - ඉඩෝරයක් ගීතයේ පද පෙළ

Idorayak Song Lyrics - ඉඩෝරයක් ගීතයේ පද පෙළ
Song Title : Idorayak (ඉඩෝරයක්)
Lyrics : Ishan Dimuthu (ඉෂාන් දිමුතු)

වේලුන ඉපල් අහසට දිගු කර දෑත
පෑදුන වැලි ගල්ද ගැන දුක්බර ගීත
සෑදුන පෑවිල්ල දිය බිඳුවක ශීත
සෙනහස සිසිල ගැන කොඳුරති දුර ඈත

වැටහෙන දැනෙන හිරු හැඩ රැස් පිච්චිල්ලයි
තණ අග වියළිපත් හැර කූඹින් රැල්ලයි
පළඟැටි රාවයේ දහවල දෙඩවිල්ලයි
දුක්බර බලා සිටිනා දුක් නෙත් රැල්ලයි

ඉහිළුම් නොදෙන මිහිකත ඉරිතලා මඩ
තුරු කොළ වියලෙනා දලු කොළ හඬන හඬ
දරු පැටවුන් බැඳන් රිළවුන් දුවන හැඩ
හද දුක් සුසුම් ළඟ හද හද මියෙන හඬ

දෙවියන් සිත් සතන් ගැන විමසුම් නැතිව
මුහුකුරා නොගොස් උන් සැඩ සිත් ඇතිව
නුබ ගැබ වැහි කෝඩ තුරුළට ගෙන නතුව
රවටයි නොරවටයි දහසක් දිය නැතුව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment