Eka Sitha Dethanaka Nathara Song Lyrics - එක සිත දෙතැනක නතර ගීතයේ පද පෙළ

Eka Sitha Dethanaka Nathara Song Lyrics - එක සිත දෙතැනක නතර ගීතයේ පද පෙළ
Song Title : Eka Sitha Dethanaka Nathara (එක සිත දෙතැනක නතර)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා)

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි මගේ ළඟයි
ඒ සිත දෙතැනක නතර වෙලා

ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙත ද වැළපේ
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසෙයි

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි මගේ ළඟයි
ඒ සිත දෙතැනක නතර වෙලා

ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ
ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැඟෙයි
ඔබම යලිදු හමු වෙයි

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි මගේ ළඟයි
ඒ සිත දෙතැනක නතර වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment