Hitha Mithuru Suwada Song Lyrics - හිත මිතුරු සුවද ගීතයේ පද පෙළ

Hitha Mithuru Suwada Song Lyrics - හිත මිතුරු සුවද ගීතයේ පද පෙළ
Song Title : Hitha Mithuru Suwada (හිත මිතුරු සුවද)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

හිත මිතුරු සුවද ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් ලෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදෙ 
කථා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළා බඳේ කඩඉමෙන් මෙහා

හිත මිතුරු සුවද ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් ලෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment