Hada Viman Dorin Song Lyrics - හද විමන් දොරින් ගීතයේ පද පෙළ

Hada Viman Dorin Song Lyrics - හද විමන් දොරින් ගීතයේ පද පෙළ
Song Title : Hada Viman Dorin (හද විමන් දොරින්)
Singing : Anjaleen Gunathilaka (ඇන්ජලින් ගුණතිලක මහත්මිය) සහ H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)

හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා
පියඹනා කල්පනා රසේ දේයි අමා
මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්දය ගලා
එකතු වී කිති කැවී රැඳී එක් වෙලා

සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ
ආදරයේ සුපෙම් කැන් දිලි දිලී තිබේ
ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ
ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ
උදා වූ වසන්තේ සදා කල් රැඳේවා

හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා
පියඹනා කල්පනා රසේ දේයි අමා

මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී
ගී තනුවේ වදන් වැල් ලෙස එති එමී
ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා
පා කරමූ සුනිල්වන් වලාවක් සොයා
උදා වූ වසන්තේ සදාකල් රැඳේවා

හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා
පියඹනා කල්පනා රසේ දේයි අමා
මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්දය ගලා
එකතු වී කිති කැවී රැඳී එක් වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment