Boho Kalak Oya Song Lyrics - බොහෝ කලක් ඔයා ගීතයේ පද පෙළ

Boho Kalak Oya Song Lyrics - බොහෝ කලක් ඔයා ගීතයේ පද පෙළ
Song Title : Boho Kalak Oya (බොහෝ කලක් ඔයා)
Singing : Athula Adhikari (අතුල අදිකාරි මහත්මා)
Lyrics : Sathsara Kasun Pathirana (සත්සර කසුන් පතිරණ මහත්මා)
Music : Viraj Perera (විරාජ් පෙරේරා මහත්මා)

බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්
නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලං වෙලා
ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා
ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජීවිතේ ගෙවනවා
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

බොහෝ කලක් ඔයා ඉන්නකෝ මටත් වඩා සතුටින්
නෑනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත්
පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා
මතු සසරේ එක් වේවා අපි අපගේ ලොවේ සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment