Pipi Hinahunu Song Lyrics - පිපී හිනැහුනු ගීතයේ පද පෙළ

Pipi Hinahunu Song Lyrics - පිපී හිනැහුනු ගීතයේ පද පෙළ
Song Title : Pipi Hinahunu (පිපී හිනැහුනු)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

පිපී හිනැහුනු ඒ වසන්තය 
ඇයිදෝ එකවර වෙනස් වුනේ
ගිම්හානය සේ යලි යලි ඇවිදින් 
මුලු හදවත මගේ වෙළා ගොසින්

එක්ව පියනැගූ මංමාවත් අද
පාලු වෙලා ඇත බොහෝ ලෙසේ
දෙඅත් පටලා දෙඩූ පෙම්බස්
නිහඩ වී ඇත මෙදා සැරේ

පිපී හිනැහුනු ඒ වසන්තය 
ඇයිදෝ එකවර වෙනස් වුනේ
ගිම්හානය සේ යලි යලි ඇවිදින් 
මුලු හදවත මගේ වෙළා ගොසින්

සිනහවට පෙම් කෙරූ මම අද
කදුළකට පෙම් බැද වැළපෙමින් 
මුවපුරා උතුරා ගැලූ පෙම් ගී
වියැකිලා අද  අපේ නමින්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment