Epa Kadulal Sala Song Lyrics - එපා කඳුළැල් සලා ගීතයේ පද පෙළ

Epa Kadulal Sala Song Lyrics - එපා කඳුළැල් සලා ගීතයේ පද පෙළ
Song Title : Epa Kadulal Sala (එපා කඳුළැල් සලා)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)

එපා කඳුළැල් සලා
හඬන්නට ඔබේ නෙත 
මල් සුවඳ සලා
සිපගනී ඔබේ මුව //

එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද //
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත
සතපවයි ඔබේ සිත..

එපා කඳුළැල් සලා
හඬන්නට ඔබේ නෙත 
මල් සුවඳ සලා
සිපගනී ඔබේ මුව //

ආදරය හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන්නෙපා //
ඔබේ හද පුදසුනේ
හිම කුමරු එන තුරා
හිම කුමරු එන තුරා...

එපා කඳුළැල් සලා
හඬන්නට ඔබේ නෙත 
මල් සුවඳ සලා
සිපගනී ඔබේ මුව //

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment