Maniyani Awasarayi Song Lyrics - මෑණියනි අවසරයි ගීතයේ පද පෙළ

Maniyani Awasarayi Song Lyrics - මෑණියනි අවසරයි ගීතයේ පද පෙළ
Song Title : Maniyani Awasarayi (මෑණියනි අවසරයි)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

සුදු වැලි අතුරා ඇති මලුවේ
සන්සුන් ගමනින් වඩිනා 
ඔබ පා යුග මත නෙත් රන්දා
සිටි මට සිතිවිලි නැගුනේ
ගොතන්නට පද වැලක් 
මෑනියනි අවසරය 
දෙනවාද මා සිතට

කසාවතින් සැරසීගත්
ඔබගේ සන්සුන් ගමන්
සිත නිවන දම් දෙසුම්
අසා සිටි මගෙ සිතට 
පහල වූ කවි පේලි 
අකුරු කර බලන්නට
මෑනියනි අවසරය
දෙනවාද මා සිතට

සිතා ගත නොහැකි වූ
එක් දෙයක් සිතේ ඇත
ජීවිතේ වසත්සම
කෙසේනම් කැප කලෙද
මහනදම් පුරන්නට
ඇසූවිට හිනැහුනා 
මෑනියනි ඔබ
නෙත් යොමාගෙන බිමට

සංසාරේ පුරුද්දට
වෙන්න ඇති මෑනියන්
ජීවිතේ සොඳුරුතම 
රසය විදිනා කලක
කසාවත දරන්නට
හැකි වුනේ ඔබ හට
පතිදමක් වෙනුවට
මහනදම් පුරන්නට

නිස්සාර ලෝකයේ
නිස්සාර සෑම දේ
පසුපසම හඹා යන
සියලු ලෝ දනන් වෙත 
සානුකම්පිත ලෙසින් 
දම් සිසිල බෙදන්නට 
වඩිනු මැන මෑනියනි 
සමා අවසර දෙමින්... 

දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment