Heena Thataketa Song Lyrics - හීන තටාකෙක ගීතයේ පද පෙළ

Heena Thataketa Song Lyrics - හීන තටාකෙක ගීතයේ පද පෙළ
Song Title : Heena Thataketa (හීන තටාකෙක)
Singing : Chilie Thilanka (චිලි තිලන්ක මහත්මා)
Music : Iraj Weerarathna (ඉරාජ් වීරරත්න)

හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා

බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන්න මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා

එහෙම වෙලාවට යහන පුරාවට නුඹගෙ සුවඳ සෙව්වා
හංසියේ පාන සිනාවට ලෝබ වෙලා මම කඳුලු පවා සැලුවා

හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා

බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන්න මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා

හංසියේ මොනවා කලත් මම ඔබට හෘදෙ පිදුවා
මගෙ හීන ලොවේ පෙම් රැජින වෙලා ඔබ තුරුලු වෙලා හිටියා පපුවට

හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment