Dekopul Kandulin Thema Song Lyrics - දෙකොපුල්‌ කඳුළින්‌ තෙමා ගීතයේ පද පෙළ

Dekopul Kandulin Thema Song Lyrics - දෙකොපුල්‌ කඳුළින්‌ තෙමා ගීතයේ පද පෙළ
Song Title : Dekopul Kandulin Thema(දෙකොපුල්‌ කඳුළින්‌ තෙමා)
Singing : Lahiru Perera (ලහිරු පෙරේරා මහත්මා)

දෙකොපුල්‌ කඳුළින්‌ තෙමා තොල්පෙති නලලත තබා
නික්මුන දා හිස සිබ මා ලතවෙමි රෑ තුන්යාමේ
සුහදිනියේ
මින් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ
මගේ ජීවිතේ ඉකි බිදී ඔබ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදි මගේ පපුතුරේ නුබ හිදී
ලං වෙන්න වෙන්නේ නම් නෑ සුහදිනියේ
දෙකොපුල්‌ කඳුළින්‌ තෙමා තොල්පෙති නලලත තබා
නික්මුන දා හිස සිබ මා ලතවෙමි රෑ තුන්යාමේ

සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇතී
මුදු සුවද දැනෙනා ඉමේ දෙතැන පිපී
හමු වීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබෙ සිහිනවල මා හිදි මගේ සිහිනවල ඔබ හිදී
එය පියවි ලෝකයනොවේ සුහදිනියේ
දෙකොපුල්‌ කඳුළින්‌ තෙමා තොල්පෙති නලලත තබා
නික්මුන දා හිස සිබ මා ලතවෙමි රෑ තුන්යාමේ
සුහදිනියේ

0 comments:

Post a Comment