Dedunne Sath Pata Hangala Song Lyrics - දේදුනේ සත් පාට හංගලා ගීතයේ පද පෙළ

Dedunne Sath Pata Hangala Song Lyrics - දේදුනේ සත් පාට හංගලා ගීතයේ පද පෙළ
Song Title : Dedunne Sath Pata Hangala (දේදුනේ සත් පාට හංගලා)
Singing : Nirosha Virajini (නිරෝෂා විරාජිනි මහත්මිය)

දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා //
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා 
ඔබෙ උයනෙමයි
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා

රෑ සදේ සිනිදු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි ගී රැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්
රෑ සදේ සිනිදු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා

මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පාමිනේ කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබම වේ නම්
මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා

දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා //
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා 
ඔබෙ උයනෙමයි
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා

0 comments:

Post a Comment