Adara Sundara Waradaki Song Lyrics - ආදරය සුන්දර වරදකි ගීතයේ පද පෙළ

Adara Sundara Waradaki Song Lyrics - ආදරය සුන්දර වරදකි ගීතයේ පද පෙළ
Song Title : Adara Sundara Waradaki (ආදරය සුන්දර වරදකි ගීතයේ)
Singing : Karunarathne Divulgane (කරුණාරත්න දිවුල්ගනේ මහත්මා)

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති

ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
දැහැනේ වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යලි
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති

පුළුලුර තලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්වර පවා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝ

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති

0 comments:

Post a Comment