Dakina Heena Song Lyrics - දකින හීන ගීතයේ පද පෙළ

Dakina Heena Song Lyrics - දකින හීන ගීතයේ පද පෙළ
Song Title : Dakina Heena (දකින හීන)
Artist : Lahiru Promodaya
Music & Mix : Master - SANTHUR
Melody : Yasath Senevirathne | SANTHUR
Lyrics : Yasath Senevirathne
Guitars : Prakash Ranasinghe
Flute : Kalana Subashitha
Bass Guitar : Vihanga Susangeeth Jayasinghe


දකින හීන මදි වගේලු
නින්දක් නැතුවා
හොයන ජීවිතේ ලැබේද
මොහොතක් හිතුනා
පායා එන්න අහසේ මා සිත්තරාවියේ
දෑසේ කෝල බැල්මෙන් මා
වශීකලානේ
යාවී දෑස මානේ නිවුනාම ආදරේ
නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ

නෙතු යුග දුටු වේලේ
මල් හීසර වාගේ
පිපුනා හදවත මල් නෙළුම් විමානේ
දේදුන්න ඇතුලේ
සායම්ද දිලුනේ
සිතුවම් වෙලා හිතේ පුරා සදක් සේ
ඉගිළී යන්න නුඹ හා
අහසේ පියඹා
රහසේ හීන මැව්වා මා හැගුම් ජලාසේ
පායා එන්න අහසේ මා සිත්තරාවියේ
දෑසේ කෝල බැල්මෙන් මා
වශීකලානේ
යාවී දෑස මානේ නිවුනාම ආදරේ
නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ

අහසට සඳ සේමා
සයුරට රළ සේමා
මේ පෙම පැළවී මා හිතේ සීරුවෙන්
මායම්ද නුඹගේ
නෑනේ යන්න හිතුනේ
හිත තව කෝළ කලා පාරාදීසේ
ඉගිළී යන්න නුඹ හා
අහසේ පියඹා
රහසේ හීන මැව්වා මා හැගුම් ජලාසේ
පායා එන්න අහසේ මා සිත්තරාවියේ
දෑසේ කෝල බැල්මෙන් මා
වශී කලානේ
යාවී දෑස මානේ නිවුනාම ආදරේ
නුඹ ළග ඉන්නට හිතුනා මේ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment