Mage Nowunata Mage Nisa Song Lyrics - මගේ නොවුනාට මගෙ නිසා ගීතයේ පද පෙළ

Mage Nowunata Mage Nisa Song Lyrics - මගේ නොවුනාට මගෙ නිසා ගීතයේ පද පෙළ
Song Title : Mage Nowunata Mage Nisa (මගේ නොවුනාට මගෙ නිසා)
Artist : ‪Jenny Kingsly
Lyrics : Udesh Aryan
Melody & Music : Kanishka Akmeemana
Mixed & Mastered By Kanishka Akmeemana@Innovation Studios
Flute : Thushara Wedage (@thusharawedage‬)


නුඹ ඇවිත් ගියපු දා ඉදන්
තවම මං පාළුවේ
පමණ ඉක්මවූව ආදරේ
දෝරේ යයි සීරුවේ

ඇහිදාරෙක දුක සගවලා
සුසුමන් සුළගට පා කලා
සංසාරෙම තනිකම තියා
සදවත අහසින් බැස ගියා

මගේ නොවුනාට මගෙ නිසා
හිත හදාගන්න බැරි වුනා
හෙටත් මගෙ ලෝකෙ
නුඹ කියා
අදත් මම ඉන්නවා බලා

මගේ නොවුනාට මගෙ නිසා
හිත හදාගන්න බැරි වුනා
හෙටත් මගෙ ලෝකෙ
නුඹ කියා
අදත් මම ඉන්නවා බලා

දෑස මානේ මා දකිනා
සෑම තැනකම නුඹ පෙනුනා
ඈත ඉගිලි දුර ගියදා
ආයෙ නොඑනා බව දැනුනා
පෙරදා මා හා
රහසේ බැදිලා
නොඑනා ගමනක්
කොහෙදෝ යනවා

ඇහිදාරෙක දුක සගවලා
සුසුමන් සුළගට පා කලා
සංසාරෙම තනිකම තියා
සදවත අහසින් බැස ගියා

මගේ නොවුනාට මගෙ නිසා
හිත හදාගන්න බැරි වුනා
හෙටත් මගෙ ලෝකෙ
නුඹ කියා
අදත් මම ඉන්නවා බලා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment