බත්වලින් සේවරි පෑන් කේක් හදමු (Savory Pan Cake Hadamu)

බත්වලින් සේවරි පෑන් කේක් හදමු (Savory Pan Cake Hadamu) - Your Choice Way

අද මං ඔයාලට රසයෙන් පිරුනු පෝෂණීය සේවරි පෑන් කේක් එකක් 😍😍 තමයි  අරගෙන ආවෙ. ඒත් ඉතිං මේක මං හදා ගත්තෙ නම් ඉතුරු බත් වලින් .හදන විදිය බලමු නේද.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 බත් කෝප්ප 2 ක්
  • 🔸 පාන්පිටි හෝ හාල්පිටි කෝප්ප 1 ක්
  • 🔸 බිත්තර 1ක්
  • 🔸 අවශ්‍ය පමණ පොල්කිරි
  • 🔸 සිහින්ව ලියාගත් කැරට් ,ලීක්ස්, බෙල් පෙපර් හෝ මාලුමිරිස් ටිකක් (ඔයාලා කැමති එලවලු වර්ග ,කොල වර්ගයක් සිහින්ව ලියාගෙන එකතු කරන්න)
  • 🔸 කෑලි මිරිස් ටිකක්
  • 🔸 ගම්මිරිස් කුඩු ටිකක්
  • 🔸 අවශ්‍ය පමණ ලුනු
  • 🔸 ලියාගත් කරපිංචා ටිකක්
  • 🔸 තෙල් හෝ බටර් තේ හැඳි 2ක් පමණ

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💚 බත් ටික කිරි ටික ටික දමමින් සිනිඳු තලපයක් වනසේ බ්ලෙන්ඩ් කර ගන්න.
  2. 🧡 එයට බිත්තරය , ලුනු සහ පාන්පිටි එකතු කරන්න.
  3. 💚 දැන් පොල්කිරි ටික ටික එක් කරමින් ටිකක් උකු මිශ්‍රණයක් සකස් කර ගන්න.
  4. 🧡 දැන් වෙනත් භාජනයක් ලිප තබා තෙල් හෝ බටර් ටිකක් දමා රත් කරන්න.
  5. 💚 එයට කරපිංචා , බී ලූනු සහ ලියාගත් අනෙක් එලවලු සහ කෑලි මිරිස් ,ගම්මිරිස් කුඩු , රස අනුව ලුනු කුඩු ද එකතු කර විනාඩියක් දෙකක් පමණ තෙම්පරාදු කර ගන්න.
  6. 🧡 දැන් තෙම්පරාදු කරගත් එලවලු , පිටි මිශ්‍රණය ට එකතු කරන්න.
  7. 💚 හොඳින් මිශ්‍ර කර ගන්න.
  8. 🧡 තැටියක් ලිප තබා තෙල් ටිකක් ආලේප කර මෙම මිශ්‍රණයෙන් පුරවා ගත් හැන්ඳක් දමා රවුමට තුනී කර ගන්න.
  9. 💚 පරිස්සමෙන් දෙපැත්ත දමා කුක් කර ගන්න.

❤️💚  ඔයාලත් හදලා රස කියන්නකෝ 💚❤️

සැකසුම : ® නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
බත්වලින් සේවරි පෑන් කේක් හදමු (Savory Pan Cake Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment