Obage Ruwa Magemayi Song Lyrics - ඔබගේ රුව මාගේමයි ගීතයේ පද පෙළ

Obage Ruwa Magemayi Song Lyrics - ඔබගේ රුව මාගේමයි ගීතයේ පද පෙළ

Obage Ruwa Magemayi Song Lyrics - ඔබගේ රුව මාගේමයි ගීතයේ පද පෙළ
Song Title : Obage Ruwa Magemayi (ඔබගේ රුව මාගේමයි)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ රංජිනී පෙරේරා
පද : සුනිල් විමලවීර
සංගීතය : එම්.කේ. රොක්සාමි
1976 දී තිරගත වූ "හරිම බඩු තුනක්" චිත්‍රපටියෙන්


ඔබගේ රුව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
ඕ . .  ඕ . .  ඕ . .  . ඕ . .  
කිරි පැණි සේ පෑහෙමයි

ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
ඕ . .  ඕ . .  ඕ . .  . ඕ  . .  
රන් රස සේ පෑහෙමයි

සංසාරේ කෙම් බිම් සොයා සොයා හිතූ පැතූ දේ
තිරසර වුණා

ශෘංගාරේ පෙම් පැණි පොවා පොවා සිනා සලාලා
තුරුළට වෙලා

සීතල හිම ළංවේවි
උණුසුම මට ඕනෑ වෙයි
පෙම් සිලිලාරේ මා මත් වුණා

ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
ඕ . .  ඕ . .  ඕ . .  . ඕ  . .  
රන් රස සේ පෑහෙමයි

පෙම් සීනේ ලොව දැනගනී කියා බියේ සැකේ මා
හද ගොළු වෙලා
සන්තෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා
උමතුව ගියා
සිර ගෙය බින්දේ ඔබයි
මා සිත ගත්තේ ඔබයි
පෙම් සිලිලාරේ මා මත් වුණා

ඔබගේ රුව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
ඕ . .  ඕ . .  ඕ . .  . ඕ  . .  
කිරි පැණි සේ පෑහෙමයි

ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
ඕ . .  ඕ . .  ඕ . .  . ඕ . .  
රන් රස සේ පෑහෙමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment