Prana Samana Song Lyrics - ප්‍රාණ සමානා ගීතයේ පද පෙළ

Prana Samana Song Lyrics - ප්‍රාණ සමානා ගීතයේ පද පෙළPrana Samana Song Lyrics - ප්‍රාණ සමානා ගීතයේ පද පෙළ

Prana Samana Song Lyrics - ප්‍රාණ සමානා ගීතයේ පද පෙළ
Song Title : Prana Samana (ප්‍රාණ සමානා)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
තනුව : උපාලි ජයලත්
මෙම ගීය මුලින් ගායනා කළේ ඩී.එම්. රාජරත්න යි. (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ "රජරට සේවයෙන් බිහි වූ නිර්මානයකි)


ප්‍රාණ සමානා මව්පියො නැතිවෙයි
වරිග තහංචියෙ බැල්ම හෙළා
නුඹෙ මූණ බලා හැමදාම හිඳින්නම්
ගාඩි ළමිස්සියෙ යන්න එපා //

බෝම ප්‍රවේසම් වීලා ඉඳින් අනෙ
භීත කෙරේ සිත මාගෙ තදේ //
පාන හිනා ඇති පුංචි පැටික්කියෙ
ප්‍රීති කෙරේ සඳපාන වගේ

ප්‍රාණ සමානා මව්පියො නැතිවෙයි
වරිග තහංචියෙ බැල්ම හෙළා
නුඹෙ මූණ බලා හැමදාම හිඳින්නම්
ගාඩි ළමිස්සියෙ යන්න එපා

බැන්ද කරේ පවලම් පොට රඟදෙයි
රන් තැටියට කැරකෙන්ට සොඳේ //
අන්ධ නේත්‍ර මැද පාන වගේ තව
රන් තෙලඹුව යට ඉන්ට ළඳේ

ප්‍රාණ සමානා මව්පියො නැතිවෙයි
වරිග තහංචියෙ බැල්ම හෙළා
නුඹෙ මූණ බලා හැමදාම හිඳින්නම්
ගාඩි ළමිස්සියෙ යන්න එපා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment