Pichcha Malak Idun Karana Song Lyrics - පිච්ච මලක් ඉඳුල් කරන ගීතයේ පද පෙළ

Pichcha Malak Idun Karana Song Lyrics - පිච්ච මලක් ඉඳුල් කරන ගීතයේ පද පෙළ

Pichcha Malak Idun Karana Song Lyrics - පිච්ච මලක් ඉඳුල් කරන ගීතයේ පද පෙළ
Song Title : Pichcha Malak Idun Karana (පිච්ච මලක් ඉඳුල් කරන)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


පිච්ච මලක් ඉඳුල් කරන
සුරල් වයන සිංදු කියන
ලස්සන පැණි කුරුල්ලෙකුගෙ ප්‍රේම ගීතයේ
වචන හොඳින් අහන් ඉන්න මල් කුමාරියේ //

වසන්තය හාදු දෙන විට
රෝස කම්මුලෙන් වැගිරෙන
පිනි බිංදු වැලක සීතල වේදනා ඔබේ
කියා තියනවද අහන්න කුරුළු ගීතයේ

පිච්ච මලක් ඉඳුල් කරන
සුරල් වයන සිංදු කියන
ලස්සන පැණි කුරුල්ලෙකුගෙ ප්‍රේම ගීතයේ
වචන හොඳින් අහන් ඉන්න මල් කුමාරියේ

අනන්ත කරදර දුක් විඳ
මහ පොළොව සමඟ ගහ වැල
කුසුමක් සේ බිහිවෙන බව අරුත ජීවිතේ
කියා තියනවද අහන්න කුරුළු ගීතයේ

පිච්ච මලක් ඉඳුල් කරන
සුරල් වයන සිංදු කියන
ලස්සන පැණි කුරුල්ලෙකුගෙ ප්‍රේම ගීතයේ
වචන හොඳින් අහන් ඉන්න මල් කුමාරියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment