Api Gedara Yamuda Soduri Song Lyrics - අපි ගෙදර යමුද සොඳුරී ගීතයේ පද පෙළ

Api Gedara Yamuda Soduri Song Lyrics - අපි ගෙදර යමුද සොඳුරී ගීතයේ පද පෙළ

Api Gedara Yamuda Soduri Song Lyrics - අපි ගෙදර යමුද සොඳුරී ගීතයේ පද පෙළ
Song Title : Api Gedara Yamuda Soduri (අපි ගෙදර යමුද සොඳුරී)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


අපි ගෙදර යමුද සොඳුරී
මේ වනන්තරෙන් පිටවී
අතු හරිත රිකිළි වෙනුවට
ඝණ සිමෙන්තියෙන් වටවුණු
මේ වනන්තරෙන් පිටවී

සීත සුළඟ ගියා වීසිවී
මම බලා හිඳිමි වැතිරී
මේ වනන්තරේ දොරකඩ ළඟ
සොර සතුන් බෝය සොඳුරී
අපි සටන් කළොත් පරදී
ගම් දොරට පාර වරදී

අපි ගෙදර යමුද සොඳුරී
මේ වනන්තරෙන් පිටවී
අතු හරිත රිකිළි වෙනුවට
ඝණ සිමෙන්තියෙන් වටවුණු
මේ වනන්තරෙන් පිටවී

වෙස්සන්තර කමට හාද වී
විස කොළඹ ඇවිත් තනිවී
මහ සෙනග පිරුණු වීදිය මැද
මට මියෙන්න බෑ තනිවී
අපි සටන් කළොත් පරදී
ගම් දොරට පාර වරදී

අපි ගෙදර යමුද සොඳුරී
මේ වනන්තරෙන් පිටවී
අතු හරිත රිකිළි වෙනුවට
ඝණ සිමෙන්තියෙන් වටවුණු
මේ වනන්තරෙන් පිටවී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment