Mama Obe Muhuna Kiyawami Song Lyrics - මම ඔබේ මුහුණ කියවමි ගීතයේ පද පෙළ

Mama Obe Muhuna Kiyawami Song Lyrics - මම ඔබේ මුහුණ කියවමි ගීතයේ පද පෙළ

Mama Obe Muhuna Kiyawami Song Lyrics - මම ඔබේ මුහුණ කියවමි ගීතයේ පද පෙළ
Song Title : Mama Obe Muhuna Kiyawami (මම ඔබේ මුහුණ කියවමි)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මම ඔබේ මුහුණ කියවමි
එහි ඇති කවිපද මුමුණමී
සැඟවුණු පදරුත් විමසමි
නවනළු රසයෙන් සැනසෙමි

මම ඔබේ ඇසට පිවිසෙමි
නෙත් කාන්තියේ කිමිදෙමි
නිල් දිය පාරට නැමි නැමී
ඉඳුවර පෙති යුග නරඹමි

මම ඔබේ මුහුණ කියවමි
එහි ඇති කවිපද මුමුණමී
සැඟවුණු පදරුත් විමසමි
නවනළු රසයෙන් සැනසෙමි

මම ඔබ දෙතොලට ළංවෙමි
රතු දෙතොලේ රත ඇදගමි
සිඳුවර සුවඳේ තෙමි තෙමී
නාදළු මතුපිට සැතපෙමි

මම ඔබේ මුහුණ කියවමි
එහි ඇති කවිපද මුමුණමී
සැඟවුණු පදරුත් විමසමි
නවනළු රසයෙන් සැනසෙමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment