Pem Kala Waradata Song Lyrics - පෙම් කළ වරදට ගීතයේ පද පෙළ

Pem Kala Waradata Song Lyrics - පෙම් කළ වරදට ගීතයේ පද පෙළ

Pem Kala Waradata Song Lyrics - පෙම් කළ වරදට ගීතයේ පද පෙළ
Song Title : Pem Kala Waradata (පෙම් කළ වරදට)
ගායනය : ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය : දයා ද අල්විස්‌
තනුව : චන්ද්‍රදාස බෝගොඩ


පෙම් කළ වරදට මට වධ දෙන්නේ
පෙම් කළ හිතකින් නොවෙන නිසා
අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ

යන එන හමුවන මඟ අවුරාලා
ආදරයක්‌ වැළකිය හැකිදෝ //
නොපෙණෙද ඔහුගේ දෙපතුළ මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳදා
සැනහෙනු මේ රැකවල් බිඳදා

පෙම් කළ වරදට මට වධ දෙන්නේ
පෙම් කළ හිතකින් නොවෙන නිසා
අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ

චිත්‍රාවක්‌ වන්නේ නෑ මා නම්
අයියණ්‌ඩියෙ ඔබෙ අණට හොරා //
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

පෙම් කළ වරදට මට වධ දෙන්නේ
පෙම් කළ හිතකින් නොවෙන නිසා
අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment