Nopathu Awasanaye Song Lyrics - නොපැතු අවසානයේ ගීතයේ පද පෙළ

Nopathu Awasanaye Song Lyrics - නොපැතු අවසානයේ ගීතයේ පද පෙළ
Song Title : Nopathu Awasanaye (නොපැතු අවසානයේ)
Artist : Udesh Manoj
Music : Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Video : Music Village

නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු
ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ

ළපටි කඳුළු කැටි තාම වැටෙනවා
දබර කරන මතකෙන්
ඔබත් කැටිව මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්

ළපටි කඳුළු කැටි තාම වැටෙනවා
දබර කරන මතකෙන්
ඔබත් කැටිව මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්

ඇයි කපටිකමක් කළේ මගේ ප්‍රේමයේ
අඩුපාඩුව පෙන්නන්න අනේ

සොඳුරු මතක පිටු ගාන
මතක නෑ අපේ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු පැටලීලා තේරුමක් නෑනේ

සොඳුරු මතක පිටු ගාන
මතක නෑ අපේ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු පැටලීලා තේරුමක් නෑනේ

ඔබ නපුරු වුණා සඳේ මගේ ප්‍රේමයේ
අඩුපාඩුව පෙන්නන්න අනේ

නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ
ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු
ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ

Nopathu Awasanaye Song Lyrics - නොපැතු අවසානයේ ගීතයේ පද පෙළ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment