Daha Duk Winde Song Lyrics - දහ දුක් වින්දේ ගීතයේ පද පෙළ

Daha Duk Winde Song Lyrics - දහ දුක් වින්දේ ගීතයේ පද පෙළ
Song Title : Daha Duk Winde (දහ දුක් වින්දේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල


දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි
දහ දුක් වින්දේ මං
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි
දහ දුක් වින්දේ මං
කරදඩු උස් වී ඒ දරුවන්ගේ
මව්පියෝ අද හදුනන්නේ නෑනේ
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි
දහ දුක් වින්දේ මං

දෑසේ කදුලු හංගා කලුවර
කුටියේ මා උන්නා
හිත ගින්දර එළි දල්වා
පොඩි පුතාට ලිපියක් ලීවා
දරුවන් කුමටද ලැබුවේ එය
වේ පල දුන් පෙර කරුමේ
දෑතේ සව් නැති දවසේ
කවුදෝ දිය බිදුවක් දෙන්නේ
නොබලා ඉන්නට බෑ නුඹලා මට
ලොකුම දුකනේ දරු දුක මා පුතුනේ

දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි
දහ දුක් වින්දේ මං
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි
දහ දුක් වින්දේ මං

අම්මයි අප්පයි දෙන්නා
මේ මහලු මඩමේ තනි කෙරුවේ
අපේ දරුවෝ මහ මැදුරේ
රජ සම්පත් අද වලදන්නේ
පුත ඇවිදින් යන්නට බැරි නම්
ඈතින් විත් මට අත වනපන්
බොරුවට හෝ මා සිහිකරපන්
හීනෙන්වත් මට නුඹ පෙනීයන්
ලෝකේ හොද නම ගන්නට දරුවනි
මා ලස්සන ලෙස වලදාපන් හෙට

දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි
දහ දුක් වින්දේ මං
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි
දහ දුක් වින්දේ මං

Daha Duk Winde Song Lyrics - දහ දුක් වින්දේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment