Mal Yahanawaki Loke Song Lyrics - මල් යහනාවකි ලෝකේ ගීතයේ පද පෙළ

Mal Yahanawaki Loke Song Lyrics - මල් යහනාවකි ලෝකේ ගීතයේ පද පෙළ

Mal Yahanawaki Loke Song Lyrics - මල් යහනාවකි ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Mal Yahanawaki Loke (මල් යහනාවකි ලෝකේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ප්‍රේමලාල් දන්වත්ත
1972 තිරගත වූ "සිංගප්පූරු චාලි" චිත්‍රපටියේ ගීයකි.


මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී
මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ

ඊයේ ගතවිය
හෙට පැමිණී නැන
අද පමණයි ඇත්තේ ///

සඳ බැස යාවිද
හිරු නැග ඒවිද
එය ස්ථිර නැත්තේ ///

සිතේ සතුට නැත සදහට පවතින්නේ
ලැබුණ තැනදි ඇයි සිතමින් ලතවෙන්නේ

මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී
මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ

මල් මදිරාවේ
පෙම් සිලිලාරේ
රස විඳ ඔකඳ වෙමූ ///

පබාවතී දැක
එරන්දතී දැක
හිනැහෙමු උදම් වෙමූ ///

පියාසලාගෙන කාලය පියඹනවා
පමා වුනෝතින් අප මග නවතිනවා

මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී
මල් යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රාලෝකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment