Gammaneka Pera Song Lyrics - ගම්මානෙක පෙර ගීතයේ පද පෙළ

Gammaneka Pera Song Lyrics - ගම්මානෙක පෙර ගීතයේ පද පෙළ

Gammaneka Pera Song Lyrics - ගම්මානෙක පෙර ගීතයේ පද පෙළ
Song Title : Gammaneka Pera (ගම්මානෙක පෙර)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ පිරිස
ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ජි.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගත වූ "ආදරේ හිතෙනවා දැක්කම" චිත්‍රපටියේ ගීයකි.


තන්නානේ නා නන
තන්නානේ නා නන
තන්නානේ නා නන
තන්නානේ නා

ගම්මානෙක පෙර සීතල පොකුණක
ලස්සණ ලස්සණ මල් පිපෙනා
මනහර මැඩියෙක් මැඩිහාමී හා
කරකාරේ බැඳගෙන උන්නා
කරකාරේ බැඳගෙන උන්නා

තන්නානේ නා නන
තන්නානේ නා නන
තන්නානේ නා නන
තන්නානේ නා

ඔවුන් දෙදෙන හැම රෑකම එක්වී
සඳ තරු අහසේ පායනු දැක දැක
ගයන්නට වුනා සුපුරුදු සින්දුව
නටලා හැපිලා තාලෙට ජෙක ජෙක
ජෙක ජෙක ජෙක ජෙක ජෙක ජෙක ජෙක ජෙක
ජෙක ජෙක ජෙක ජෙක ජෙක......

ගෙයක් ළඟින් ඇත
ජෝඩුවකුත් ඇත
වැරැද්දකුත් නැත හිතකාමී
කරච්චලේ ඔය නවත්තමූ අපි
කිව්වා මේ ලෙස මැඩිහාමී
කිව්වා මේ ලෙස මැඩිහාමී

තන්නානේ නා නන
තන්නානේ නා නන
තන්නානේ නා නන
තන්නානේ නා

දෙන්නා මේ ලෙස තීරණෙ කරගෙන
ඒ ගී තාලය නවතපි දවසක
ගෙයි වුන් ජෝඩුව ඇවිදින් ඇහුවා
නැවැත්තුවේ ඇයි සද්දේ ජෙක ජෙක
ජෙක ජෙක ජෙක ජෙක ජෙක ජෙක ජෙක ජෙක
ජෙක ජෙක ජෙක ජෙක ජෙක

ඔහෙළගෙ ගීතය හරි සන්තෝසෙන්
අපි දෙන්නා අහගෙන ඉන්නේ
හෙට ඉඳලා හැම රෑම කියන්නකො
ඒ තාලෙට අපි නිදියන්නේ
ඒ තාලෙට අපි නිදියන්නේ

තන්නානේ නා නන
තන්නානේ නා නන
තන්නානේ නා නන
තන්නානේ නා

අපේ සද්දෙටත් මිනිස්සු සැප සේ
නිදියනවා නම් සතුටින් යහනක
ඒ මැඩිහාමී මැඩියට කිව්වා
පටන් ගනිමු අපි ආයෙත් ජෙක ජෙක
ජෙක ජෙක ජෙක ජෙක ජෙක ජෙක ජෙක ජෙක
ජෙක ජෙක ජෙක ජෙක ජෙක......

තන්නානේ නා නන
තන්නානේ නා නන
තන්නානේ නා නන
තන්නානේ නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment