Kohe Ho Oba Hidi Nam Sathutin Song Lyrics - කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් ගීතයේ පද පෙළ

Kohe Ho Oba Hidi Nam Sathutin Song Lyrics - කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් ගීතයේ පද පෙළ

Kohe Ho Oba Hidi Nam Sathutin Song Lyrics - කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් ගීතයේ පද පෙළ
Song Title : Kohe Ho Oba Hidi Nam Sathutin (කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ

කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි //

වලා ගැඹරෙහි සැඟව ගිය සඳසේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු පියසේ //
ගියද ඔබ ඒ එළිය නොනිවේ මැයි
පහස නොමැකේ මැයි

කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි

වනේ වදුලෙහි ගලන දිය වැල සේ
නුවන් දෝතින් වැළඳ ගමි කෙලෙසේ //
නමුදු ඔබගේ සිසිල නො‍නැසේ මැයි
සුවඳ නොසිඳේ මැයි

කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment