Raa Pura Song Lyrics - රෑ පුරා ගීතයේ පද පෙළ

Raa Pura Song Lyrics - රෑ පුරා ගීතයේ පද පෙළ
Song Title : Raa Pura (රෑ පුරා)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


මා දිහා බලනවා
ඒ නිල් නුවන් දිලෙනවා
නිල්වන් ගැබේ දිස් වෙනා
තරු මල් වගේ පේනවා
රෑ පුරා හීනෙනුත් පේනවා

මා තනි යහනේ දුටු හීන
නෑ තනි වූයේ ඔබ ගාව
ළඟ ඉන්න ඕනමයි හැමදාම
ඔබ යන්න නම් එපා හැර මාව

රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා

සරා සඳ නැගුනාවේ
මට නම් නෑ නින්දක් තනි යහනේ
නිශා යාමේ කිඳුරන් රැඟුවා සේ
ළං වි සිත් දැන් නම් බැඳුනාවේ

ආදරේ දැනෙනවා
හද පත්ලේ මෝරනා
පැතු මේ ආදරේ
කලලයක් වී මා සිතේ
තැවෙනවා දැවෙනවා රිදෙනවා

මා තනි යහනේ දුටු හීන
නෑ තනි වූයේ ඔබ ගාව
ළඟ ඉන්න ඕනමයි හැමදාම
ඔබ යන්න නම් එපා හැර මාව

රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා

රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා

රෑ පුරා හීනෙනුත් පේනවා
රෑ පුරා හීනෙනුත් පේනවා
රුව ඔබේ සිත පුරා දිවෙනවා
රෑ පුරා රුව ඔබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Pura Song Lyrics - රෑ පුරා ගීතයේ පද පෙළ Raa Pura Song Lyrics - රෑ පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2022 Rating: 5

0 comments:

Post a Comment