Pin Siduwenne Song Lyrics - පින් සිදුවෙන්නේ ගීතයේ පද පෙළ

Pin Siduwenne Song Lyrics - පින් සිදුවෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Pin Siduwenne (පින් සිදුවෙන්නේ)
ගායනය : සූරියකාන්ති සමග සී.ටී. ප්‍රනාන්දු
පද : ආර්.එන්.එච්. පෙරේරා
තනුව : සී.ටී. ප්‍රනාන්දු
ගුවන් විදුලියේ පළමු පෙළ ගායකයෙක් ලෙස තේරී පත්වීමෙන් ඉක්බිති, සී.ටී. ප්‍රනාන්දු ගැයූ මුල්ම ගීය (1946) "පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ" නම් ගීයයි. මේ ගීයේ මුල් ගායනය සංරක්ෂණය වී නැත. මෙහි ඔබට ඉදිරිපත් කරන්නේ පවතින පැරණිම ගීයයි. 1952 දී මෙම ගීය ද සමගින් ගී රැසක් HMV ලබලයෙන් ග්‍රැමෆෝන් තැටි වලට නැගුණි. 1967 සිට නැවත එම ගී EP තැටි සඳහා ගායනා කරන ලදී.


පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කූඩු තනාලා

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

කොළේ කොළේ දමා කුඩා නිවස වසන්නේ
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නී
වනේ ගසේ පුළුන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට හිංසා
සමා වෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
නමා යදිම් දෙන්න පුතේ මෙතන රඳන්ටා

පින් සිදුවෙන්නේ
අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා
බිම නොදමන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment