Hela Jathika Abhimane Song Lyrics - හෙළ ජාතික අභිමානේ ගීතයේ පද පෙළ

Hela Jathika Abhimane Song Lyrics - හෙළ ජාතික අභිමානේ ගීතයේ පද පෙළ
Song Title : Hela Jathika Abhimane (හෙළ ජාතික අභිමානේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


හෙළ ජාතික අභිමානේ
වැදු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

වීර විකුම් පෑ පෙර දරුවෝ
දෙස රැස මුරකෙරුවෝ
ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
නොම වවු ණය කරුවෝ

දැය දිනුමට පැද යන නැවියා
ගොවියා බිම දෙවියා
විපතෙහි සැපතෙහි
නොසැළෙයි නොතැවෙයි
අටලෝ දම හුරු හෙළයා

මුහුදට ඈදෙන මහ ගංගා - කුඹුරට යළි හරවා
ධාණ්‍ය වගාකොට සිරිලක මේ
පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදුවෙලා - බිඳලවු දුක සංකා
පැරකුම් යුගයක් නැවත්ත අරඹවු
නිජ භූමි තලේ ලංකා

හෙළ ජාතික අභිමානේ
වැදු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සවුසිරියෙන් සරසවු
පිබිදෙවු පිබිදෙවු සැරසෙවු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment