Neela Kadugate Song Lyrics - නීල කඳුගැටේ ගීතයේ පද පෙළ

Neela Kandugate Song Lyrics - නීල කඳුගැටේ ගීතයේ පද පෙළ
Song Title : Neela Kandugate (නීල කඳුගැටේ) |  by Raini Charuka ft. Gayan
Singing : Raini Charuka & Gayan Perera
Lyrics : Rookantha Goonatillake
Music : Rookantha Goonatillake


නීල කඳුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුඳුල් ආදරේ

තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ

නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කලඹනවා

ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා

එනවා

රන් තරු දිලේ
ඔය ඇස් වගේ
රන් කඳ මගේ
පිවිතුරු ආදරේ

ජීවන මගේ
පන නළ හදේ
සිත නළවනවා
පෙම් රස ආකරේ

පෙම් හැඟුම් මවනා
මල් සිනා දෙනවා

මිණි මුතු අගේ
නැත ඔබ වගේ
පෙම් කඳ මගේ
රන් දොර ආදරේ

චන්දන වගේ
සුවඳට ඔබේ
මන් මත් වෙනවා
සොඳුරුයි ජීවිතේ

පෙම් හැඟුම් මවනා
මල් සිනා දෙනවා

නීල කඳුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුඳුල් ආදරේ

තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ

නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කලඹනවා

ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා
එනවා
එනවා
ටාන ටනනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment