මස්කට් හදමු (Muscat Hadamu)

මස්කට් හදමු (Muscat Hadamu) - Your Choice Way

අද මං ඔයාලට ගෙනවෙ රසම රස මස්කට් රෙසිපි එකක්. හදලා බලමු නේද 😍😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌺 පාන්පිටි කෝප්ප  1 ක්
  • 🌺 වතුර කෝප්ප  1/2 ක් (පාන්පිටි අනා ගැනීමට)
  • 🌺 සීනි කොප්ප 1 1/2 ක්
  • 🌺 වතුර කෝප්ප 1 ක් (සීනි උණුකර ගැනීමට)
  • 🌺 එලඟිතෙල් මේස හැඳි 3 ක්
  • 🌺 සිහින්ව කපාගත් කජු මේස හැඳි 2 ක් පමණ (මම ටුටී ෆෘට් මේස හැන්ඳක් එකතු කලා කජු සමග)
  • 🌺 ලුනු ස්වල්පයක්
  • 🌺 එනසල් කුඩු හෝ රෝස් එසන්ස් ස්වල්පයක්
  • 🌺 කලරින්
  • 🌺 පිටි දියකර ගැනීමට වතුර කෝප්ප 2 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම පාන්පිටි වලට වතුර කෝප්ප බාගයෙන් ටික ටික දමමින් අතේ නොඇලෙන පිටි මෝලියක් අනා ගන්න.
  2. ♨️ අනාගත් පිටි මෝලිය වසා පැයක් පමණ තබන්න.
  3. ♨️ දැන් පිටි මෝලියට වතුර කෝප්ප 2 එකතු කර අතින් පොඩි කරමින් පිටි ටික දියකර ගන්න.
  4. ♨️ දියකර ගත් පසු කොහොල්ල ගුලියක් වගේ ග්ලූටන් කොටස ඉතුරු වෙනවා .ඒක ඉවත දමන්න.
  5. ♨️ දියකර ගත් පිටි මිශ්‍රණය පෙරණයක් ආධාරයෙන් පෙරා ගෙන පසෙකින් තබන්න.
  6. ♨️ ඊලඟට භාජනයක් ලිප තබා සීනි ,ලුනු සහ වතුර කෝප්ප 1 ක් එකතු කර ඉටි පදමට එනතුරු උතුරවා ගන්න.
  7. ♨️ දැන් වතුරෙහි දියකර ගත් පිටි මිශ්‍රණය කලවම් කර උනුකර ගත් සීනි මිශ්‍රණයට එකතු කර නොනවත්වා හැඳි ගාන්න.
  8. ♨️ මිශ්‍රණය ඝන වේගෙන එන විට එලඟිතෙල් මේස හැන්ඳක් එකතු කර මිශ්‍රණය ට උරා ගන්නා තෙක් හැඳි ගාන්න. මේ විදියට එලඟිතෙල් මේස හැඳි 3 වරින්වර එකතු කර හැඳි ගාන්න.
  9. ♨️ දැන් කලරින් ,රෝස් එසන්ස් හෝ එනසල් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  10. ♨️ අවසානයට කජු එකතු කරන්න.
  11. ♨️ ලිපෙන් ඉවතට ගෙන බටර් තවරාගත් තැටියක දමා පැයක් පමණ තබන්න.
  12. ♨️ නිවුනු පසු කෑලි කපා ගන්න.

❤️ ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ ❤️

සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
මස්කට් හදමු (Muscat Hadamu) - Your Choice Way

මස්කට් හදමු (Muscat Hadamu) - Your Choice Way

මස්කට් හදමු (Muscat Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment