ආමන්ඩ් පිටි රහිතව මැකරූන්ස් හදමු (Makaruns Hadamu)

ආමන්ඩ් පිටි රහිතව මැකරූන්ස් හදමු (Makaruns Hadamu) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට ගෙනාවෙ ආමන්ඩ් පිටි රහිතව මැකරූන්ස් හදා ගන්න රෙසිපි එකක්. මැකරූන්ස් හදන්න මුලදි ටිකක් අමාරුයි වගේ හිතුනත් අත හුරුවෙද්දි හදන්න හදන්න ආස හිතෙන රසම රස කෑමක් තමයි ඉතිං 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍁 තිරිඟු පිටි  110g ක්
  • 🍁 අයිසින් සීනි 80g ක්
  • 🍁 බිත්තර සුදුමද 2 (55-60g)
  • 🍁 සාමාන්‍ය සීනි 75g ක්
  • 🍁 ලුනු තේ හැඳි 1/8 ක්
  • 🍁 වැනිලා 
  • 🍁 කලරින් (ලික්විඩ් කලර්ස් ගන්න අයට තමයි මං ඉහත ප්‍රමාණ ලිව්වෙ, ජෙල් කලර්ස් පාවිච්චි කරන අය පාන් පිටි 75g ක් සහ අයිසින් සීනි 75g ක් පාවිච්චි කරන්න.)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම මැකරූන්ස් බේක් කරන ට්‍රේ එක සකස් කරන්න . ට්‍රේ එකේ ප්‍රමාණයට පාච්මන්ට් පේපර් එකක් අරගෙන අඟල් 1 1/2 හෝ අඟලක රවුම් ඇඳ ගන්න .මේ රවුම් අඳින විට රවුම් දෙකක් අතර අඟලක පමණ පරතරය ඇතුව ඇඳ ගන්න.
  2. ♨️ රවුම් ඇඳ ගත් කොලය රවුම් යටි පැත්තට සිටිනසේ තැටියට දාන්න නැත්නම් මැකරූන් එක්ක ඇඳපු තීන්ත මිශ්‍ර වෙන්න පුළුවන්.
  3. ♨️ දැන් පාන්පිටි සහ අයිසින් සීනි දෙවරක් හලා පසෙකින් තබන්න.
  4. ♨️ හොඳින් වියලුනු බඳුනක් ගෙන බිත්තර සුදුමද එයට දමා බීට් කරන්න. මේ භාජනයේ වතුර සහ තෙල් පොඩ්ඩක්වත් තියෙන්න දෙන්න එපා පදම වරදිනවා.ඒ වගේම සුදුමද වලට කහමද පොඩ්ඩක්වත් එකතු වෙලා තියෙන්න බැහැ.
  5. ♨️ බිත්තර සුදුමද වල පෙන එද්දී ලුනු ටිකක් එකතු කර නැවත බීට් කරන්න.
  6. ♨️ මිශ්‍රණය සුදුපාටට එනවිට සීනි ටික ටික එකතු කරමින් high speed බීට් කරන්න.
  7. ♨️ දැන් වැනිලා සහ කලරින් එකතු කර හොඳින් බීට් කරන්න.
  8. ♨️ බීටරය උඩට එසවූ විට සුදුමද මිශ්‍රණය නොවැටී හිම මෙන් තියනවා නම් බීට් කලා ඇති.
  9. ♨️ ඊලඟට හලාගත් අයිසින් සහ පිටි දෙපාරකට බිත්තර සුදුමද එකට එකතු කර ස්පැචූලා එකකින් පෙරලමින් මිශ්‍ර කර ගන්න .( ෆෝල්ඩ් කරන්න .) බීට් කරන්න එපා.
  10. ♨️ මිශ්‍රණය හැන්දකින් උඩට අරන් වත්කරන විට රිබන් එකක් ආකාරයට නොකැඩී වැටෙනවා නම් තවත් ෆෝල්ඩ් කරන්න එපා.
  11. ♨️ දැන් පයිපින් බෑග් වලට මිශ්‍රණය දමා ඇඳගත් රවුම් වල මැදට පයිප් කරන්න.
  12. ♨️ පයිප් කර අවසන්ව වායු බුබුළු ඉවත් කර ගැනීමට තැටිය හතර පස් වතාවක් මේසයක් මත ගසන්න . වායු බුබුළු තිබෙනවා නම් ටූත් පික් එකකින් කඩා ඉවත් කරන්න.
  13. ♨️ දැන් විනාඩි 30ක් පමණ තබන්න.
  14. ♨️ පසුව මැකරූන්ස් මතුපිට පරිස්සමෙන් ඇඟිල්ල තබා බලන්න මිශ්‍රණය අතේ ඇලෙන්නෙ නැත්නම් හරි, ඇලෙනවා නම් තවත් විනාඩි 15ක් පමණ තබන්න.
  15. ♨️ පසුව 160 ° C න් ප්‍රී හීට් කල අවන් එකක විනාඩි 12ක් 15 ක් පමණ bake කර ගන්න.
  16. ♨️ නිවුනු පසු මැකරූන්ස් පරිස්සමෙන් ගලවා කැමති අයිසින් වර්ගයකින් සැන්විච් කර රස බලන්න.

සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
ආමන්ඩ් පිටි රහිතව මැකරූන්ස් හදමු (Makaruns Hadamu) - Your Choice Way

ආමන්ඩ් පිටි රහිතව මැකරූන්ස් හදමු (Makaruns Hadamu) - Your Choice Way

ආමන්ඩ් පිටි රහිතව මැකරූන්ස් හදමු (Makaruns Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment