Kimada Loke Me Tharam Song Lyrics - කිමද ලෝකේ මේ තරම් ගීතයේ පද පෙළ

Kimada Loke Me Tharam Song Lyrics - කිමද ලෝකේ මේ තරම් ගීතයේ පද පෙළ
Song Title : Kimada Loke Me Tharam (කිමද ලෝකේ මේ තරම්)
ගායනය : රුක්මනී දේවී
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ දොස්තර චිත්‍රපටියේ ගීයකි.හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


කිමද ලෝකේ මේ තරම්
දරුණු වුණේ මිනිසා අනේ
ආදරේ විශ්වාස නෑ
වද වේදනා දේවී අනේ

ජීවිතේ මා පාළු වී යයි
ජීවිතේ මා පාළු වී යයි
අන්දකාරේ පාවෙවී අහො පාවෙවී
ප්‍රේම පාලා ගියා දමාලා
මේ අහිංසක ආදරී
ඔබෙ ආදරී
ජීවිතේ මා පාළු වී යයි

ආදරේ පරවී ගියා //
ලෝකේ මා තනිවුණා //
අඳුරු සැකයේ මේකුළින් //
චන්ද්‍රා ඔබේ නොපෙනී ගියා
නොපෙනී ගියා
ජීවිතේ මා පාළු වී යයි

මා සදාකාලේ ඔබේමයි //
ඔබම වේ මා ස්වාමියා //
පිරිසිදුයි ආලේ මගේ //
මේ කඳුළු ඔබගේ නාමෙනී
ඔබෙ නාමෙනී
ජීවිතේ මා පාළු වී යයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment