Jiwath Wenna Song Lyrics - ජීවත් වෙන්න ගීතයේ පද පෙළ

Jiwath Wenna Song Lyrics - ජීවත් වෙන්න ගීතයේ පද පෙළ
Song Title : Jiwath Wenna (ජීවත් වෙන්න)
ගායනය : ඩැඩී(DADDY)
පද රචනය : ඩැඩී(DADDY)
සංගීතය : ඩැඩී(DADDY)


වරෙන් යන්න අපිත් එක්ක
කන්න බොන්න හිනාවෙන්න
බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්
ඔළුවෙන් හිටගෙනම...

සතයක් වත් නැතිව නොමිලේ,
හොදට හිනාවෙන්න...
සල්ලි කියා තම මල්ලි මරාගෙන..
රණ්ඩු කරාගෙන ජීවත් වුන අය
ගැන ඇහුවා - දැන ගන්තා - කල කිරුණා..

බඩට ගැහුවෙ කවුද - ඔරවන්නේ මොකද..
චණ්ඩි කියාගෙන - ගැන්සි හදාගෙන - සද්ද දමාගෙන
දත්නැතිව බත් කාපු අය දැකල දුක හිතුනා..
පරක්කු නෑ තවම - හිත හදාගන්න බැරිද..
වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
බකන් නිලන් මොකද..

වරෙන් යන්න අපිත් එක්ක.....

ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න..
සාක්කු වල මොනරු ගේන්න..
"YES" පහයි "NO" තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න..

ජීවත් වෙන්න..
ජීවය මෙන්න..
මෙන්න මෙන්න ජී..වත් වෙන්න
ජී..වය මෙන්න....

කදුළු පුරවාගෙන‍ - දවසම අඩන්නේ මොකටද
බොක්කෙන්ම ලව් කරලා - බැනල බෙර ගහල
ලොවට පෙන්නාපු කෙල්ලො
හලපු පොරවල් දැක්කා..
තැන් තැන්වල පච වෙනවා..

වැරැද්ද කාගේද - නීතිය අපි කාටත් එකද
ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
සුදු ඇදුම ඇදගෙන - අසරණයට දඩුවම් කෙරුවා
පරක්කු නෑ තවම - අපිට වෙනස් වෙන්න බැරිද
වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
බකන් නිලන් මොකද..

වරෙන් යන්න අපිත් එක්ක.../

ජීවත් වෙන්න -
මෙන්න මගෙ අත ගන්න
විදින්න ආදරේ ලබන්න..
ආදරේ කරන්න..
ඉතින්, වරක් කිව්ව හොද සැපක් අරන්
හෙට මැරිල ගියත් මොකද..

වරෙන් යන්න අපිත් එක්ක
බැරිනම් ගෙදරට වෙල ඉන්න
බැනුම් අහල මදි වගෙ නම්
ගෑනුන්ගෙන් ගුටි කන්න..
(කව්ද කිව්වෙ)
ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
සාක්කු වල මොනරු ගේන්න
"YES" පහයි "NO" තුනකුයි ඇති
කෙල්ලෙක් දා ගන්න

ජී...වත් වෙන්න ජීවය මෙන්න මෙන්න..
ජී...වත් වෙන්න ජීවය මෙන්න මෙන්න..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment