Hurathleta Gedara Hitiya Pusa Song Lyrics - හුරතලේට ගෙදර හිටිය පූසා ගීතයේ පද පෙළ

Hurathleta Gedara Hitiya Pusa Song Lyrics - හුරතලේට ගෙදර හිටිය පූසා ගීතයේ පද පෙළ
Song Title : Hurathleta Gedara Hitiya Pusa (හුරතලේට ගෙදර හිටිය පූසා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : අමරසෝම සමරක්කොඩි
තනුව : ප්‍රේමසිරි කේමදාස *
1978 දී තිරගත වූ "සාරා" චිත්‍රපටියට ගැයුණු ගීයකි.* මේ තනුවෙන්ම වූ ගීයක් (ගෙදර හිටිය රෝස කැකුළ) 1974 දී තිරගත වූ "ළසඳා" චිත්‍රපටියට ද ඇතුළත් විය.


මගේ පූසා
මගේ පූසා

හුරතලේට ගෙදර හිටිය පූසා
උකුළු මුකුළු දාපු කැකුළු පූසා
මාත් එක්ක තරහද මගෙ පූසා
පූසා ගියොත් මට පාළුයි පූසා
අනෙ පූසී
පූසා ගියොත් මට පාළුයි පූසා

කළු උක් පැණි බේරි බේරි
රස මීකිරි ඉහිරි ඉහිරි
බිව්වෙ කවුද පූසා නේද පූසා
අයියෝ
බිව්වෙ කවුද පූසා නේද පූසා

හුරතලේට ගෙදර හිටිය පූසා
උකුළු මුකුළු දාපු කැකුළු පූසා
මාත් එක්ක තරහද මගෙ පූසා
පූසා ගියොත් මට පාළුයි පූසා
අනෙ යන්න එපා
පූසා ගියොත් මට පාළුයි පූසා

මෙලොවට දැලි ගාපු ගාපු
ලිප ළඟ අළු නාපු නාපු
පූසා මගේ කොහෙද යන්නෙ පූසා
ලස්සණ පූසී
පූසා මගේ කොහෙද යන්නෙ පූසා

හුරතලේට ගෙදර හිටිය පූසා
උකුළු මුකුළු දාපු කැකුළු පූසා
මාත් එක්ක තරහද මගෙ පූසා
පූසා ගියොත් මට පාළුයි පූසා
පූසී
පූසා ගියොත් මට පාළුයි පූසා

සීනි බනිස් කාපු කාපු
තනියට මගෙ ආපු ආපු
සේද කැටිය පූසා නේද පූසා
ලස්සණ පූසා
සේද කැටිය පූසා නේද පූසා

හුරතලේට ගෙදර හිටිය පූසා
උකුළු මුකුළු දාපු කැකුළු පූසා
මාත් එක්ක තරහද මගෙ පූසා
පූසා ගියොත් මට පාළුයි පූසා
අනෙ යන්න එපා
පූසා ගියොත් මට පාළුයි පූසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment